Wednesday, February 24, 2010

අම්මා හිටියනම්...

මතක් වුනා මට කුඩා කාලය
හරිම දඟකාරයි මම... ඒ දවස් වල
අතේ එල්ලී ඔබ පාසැල් ගියා මම
පුංචි දවස් වල
මතකයි අද වාගේ මට...
තුරුලට ගෙන මාව
කියා දුන්නා වන හැටි
හොඳ මිනිසෙක් සමාජයට
සුවඳයි ඒ මතකයන් හැමදාකම
නැවත දැනෙන්නට වරම් නැති මුත්.....
ආයෙත් යන්නට ඇත්නම් මට
මගේ පුංචි කාලයට
මුකුත් හින්දා නොව
අම්මාගේ තුරුලේ
උණුසුම විඳින්නට.....

6 කගේ අදහස්:

RanDil said...

අයියේ, අවුරුදු 5 නේද? ඊයේ මට මතක් වුනා. ඒත් ඔයා ONLINE හිටියේ නැහැ. වෙන කියන්න දෙයක් මට හිතෙන්නෙත් නැහැ. ඔයා සේරම ලියලා තියෙනවා.

චතුරංග රූපසිංහ said...

අපි හැමොටම ඔහොම හිතෙනව ඒත්..................................

stj said...

your blog is very nice, Keep going on this path,I will keep visiting this blog very often

Nuwa said...

Hi Kushal...
Nice to see ur blog... keep up d wrk.. I m oftenly visiting this...

RanDil said...

Many Happy Returns of the day ayya

බිඟූ said...

ජීවිතේ මල්
අම්ම ඉන්න කල්