Wednesday, September 19, 2012

කර්මය හා කරුමය

මීට අවුරුදු 24 කට කලියෙන්
බලා හිටියා මන් ගේනකම් අම්මා මට
ලස්සන සුදු නංගි බබෙක්....
උංගෑ.... උංගෑ.... ඒ එයාට බඩගිනි වෙලා.......
දැන් එයා ටිකක් ලොකුයි
එනවා පුංචි කෝ‍ටු කෑල්ලක් අරන්
ගාවෝ ‍තෝත්තෙන් (ගහනවා කෝට්ටෙන්)
ඒ දඟ වැඩ කරන නිසා මට තරවටු කරන්ට......
ඒ හුරතල් හඬ තවමත් ‍රැව් දෙනව මගේ දෙසවන
හරියටම අද වන් දිනක
ලැබුනා මට සහොදර පදවිය
මහමෙරක් තරමට පැතුම් පැතුවෙමි
සුදු නංගියේ ඔබ ගැන මා...
හීන නොදකින මා හීනෙන්වත් නොසිතූ මොහොතක
හැර ගියා ඇය අප සැවොම...
එය කාගෙ වරදද?....
දිගුකරමි ඇඟිල්ල මා මා දෙසටම
හිටියානම් මා ඇය ලඟ ඒ දින
තවමත් ඈ මා ලඟ අද දින
ඇගේ කර්මය මගේ කරුමය.....
දැනේ ඔබ නැති අඩුව අප හට
සදා නොමියෙන ලෙස....


Sunday, August 19, 2012

පරණ Google chat එකක්....



ම්ම්ම්....

සෑහෙන කාලෙකින් බ්ලොගය පැත්තේ ආව....

ගූගල් චැට් එකේ චැට් කරපු පරන චැට් ටිකක් බල බල ඉන්න ගමන් හම්බ උනා පරන චැට් එකක්... මේ චැට් එකේ අනෙක් පාර්ශවය තමා නිදහස් සිතුවිලි හිමිකාරිය. ඉතින් මට හිතුනා අපි දෙන්නා අතර සිද්ද වුන සංවාදය මේ විදියට පලකරන්න...



me:
අලුත් කථාවක් ලිව්වෙ නැද්ද...?

Randika:
ම් ම් හිතේ කථා ගොඩක් ඇතේ
ඒත් අනේ වෙලා නැතේ
ගෙදර බලං දුවක් ඇතේ
ගිය හැටියෙම එයා අතේ

me:
ඔෆිස් එකේ ඉන්න ටිකේ
පොඩ්ඩ පොඩ්ඩ තියන හිතේ
කථා අකුරු කරල අනේ
දැම්මොත් හරි අගෙයි නගේ....

Randika:
ස්තුතියි මගේ අයියේ
ඒකට මගේ හිතේ තියේ
කලින්ඒවා මම ලිව්වේ
මෙතැන ඉඳන්මයි අයියේ

ඒත් අනේ වැඩ වැඩි වී
කාලය ඇත බෝ අඩුවී
හිත ඇත මගේ කුරුවල්වී
වැඩ වැඩි කම හිසරදවී

me:
එක ඇත්ත තමයි නගේ
මට උනේ ඔය ටිකනේ
රාජකාරි වැඩිවෙන්නේ
ලියන්න හිත නැති වෙන්නේ

Randika:
එසේ නොසිතන් අයියේ මගේ
අයියාගේ අදහස් හරිම අගේ
නිතරම යමි වෙතට බ්ලොගේ
කෝ මොකවත් නැහැ වාගේ

me:
එත් නගේ හිතට අරන්
වෙලා ටිකක් ඉතුරු කරන්
කථා ටිකක් අකුරු කරන්
දැම්මොත් නම් රත්තරන්

Randika: ඒකථාව ඇත්ත තමයි
හිතේ පිරිලා කථා ගොඩයි
වෙලාව සොය ගත යුතුමයි
නැත්නම් ටික කලකින් මැකෙයි
ඒවා දැන් වැඩක් නැතේ
කියන්නකෝ නැතුව අගේ
සැපසනීප කොහොමද අනේ
ගෙදර උන්දැගේසිටිනඅ රහේ


me:
මතක් වෙනව නිතර නිතර
යන්ට හිතයි ඩුබායි අතැර
ඒත් ඉතින් එහෙම කොහොම
තනිකඩයෙක් නෙවෙයිනෙ මම

කතා කරමි මූණ බලන්
ස්කයිපි එකෙන් නිතරම මන්
ඒත් ඉතින් වැඩක් නෑනෙ
දෙන්නාටම ඉන්න බෑනෙ

කොහොම උනත් ටික දිනකින්
අරන් එන්න ඉන්නෙ හිතන්
සල්ලි ටිකක් යයි වැඩියෙන්
එත් ඉතින් මොනවකරන්

එයා ගෙදර ඉන්නවා
සැමගේ හිත ගන්නවා
තාත්තාත් දුවෙක් වගේ
හොඳින් බලා ගන්නවා

Randika:
අනේ වාසනාවන් අයියා ඇසුමටත්
තාත්තාගේ දුවක් වීම මට සතුටක්
එයා ඔයා ලඟට ගැනුම වඩා වැදගත්
මොකද පියයි දුවයි දෙන්නම ගත්තොත්
(බුදු අම්මෝ වියදම නේද????????)