Wednesday, September 19, 2012

කර්මය හා කරුමය

මීට අවුරුදු 24 කට කලියෙන්
බලා හිටියා මන් ගේනකම් අම්මා මට
ලස්සන සුදු නංගි බබෙක්....
උංගෑ.... උංගෑ.... ඒ එයාට බඩගිනි වෙලා.......
දැන් එයා ටිකක් ලොකුයි
එනවා පුංචි කෝ‍ටු කෑල්ලක් අරන්
ගාවෝ ‍තෝත්තෙන් (ගහනවා කෝට්ටෙන්)
ඒ දඟ වැඩ කරන නිසා මට තරවටු කරන්ට......
ඒ හුරතල් හඬ තවමත් ‍රැව් දෙනව මගේ දෙසවන
හරියටම අද වන් දිනක
ලැබුනා මට සහොදර පදවිය
මහමෙරක් තරමට පැතුම් පැතුවෙමි
සුදු නංගියේ ඔබ ගැන මා...
හීන නොදකින මා හීනෙන්වත් නොසිතූ මොහොතක
හැර ගියා ඇය අප සැවොම...
එය කාගෙ වරදද?....
දිගුකරමි ඇඟිල්ල මා මා දෙසටම
හිටියානම් මා ඇය ලඟ ඒ දින
තවමත් ඈ මා ලඟ අද දින
ඇගේ කර්මය මගේ කරුමය.....
දැනේ ඔබ නැති අඩුව අප හට
සදා නොමියෙන ලෙස....


2 කගේ අදහස්:

Amila Chathuranga said...

අපි හැමෝම යම් දිනයක හැර යා යුතුයි මේ හැම...

RanDil said...

කවදාවත් අමතක නොවන දවසක් හා අමතක නොවන සිදුවීමක්........ සිහි වද්දීත් හිත ගැස්සෙනවා........ නංගීට සසර කිසිදා මෙවන් වූ දෙයක් සිදු නොවේවා!!!