Sunday, February 14, 2010

දිරිය මිනිසා...

කන්තෝරුව වෙත පඩිපෙල නිගිද්දී
දුටුවෙමි ඔහු නැවත වරක්
එනවා මා පිටුපසින් උස්සාගෙන වයර් රොලක්
නොවුනත් ලාංකිකයෙක් සිහි විනි මට මගේ සීයාව
එදා ඔහුව දුටුවෙ මා උස්සාගෙන යනව
ගැලුම් 5 වතුර බෝතල් දෙකක්
හැකිනම් දෙන්නට උදව්වක්...
ඒත් නොහැකිය ඒ ඔහුගෙ රාජකාරිය.
හිතුනි මට මොකට මේ ජීවිතය
මේ වයසේවත් නිදහසක් නැති !
(මම දන්නවද ඒ මනුස්සයාට තියන ප්‍රශ්ණ???)
කෙසේමුත් දිරිය මිනිසෙකි ඔබ මා දුටු.

2 කගේ අදහස්:

චතුරංග රූපසිංහ said...

සමහර වෙලාවට මටත් ඹහොම හිතෙනව සුබ පැතුම් බ්ලොග් අඑකාශයේ සාර්ථක ඉදිරි ගමනකට

RanDil said...

පෙබරවාරි 14 වෙනිදාට ගොඩක් අයට නම් ඔහොම ඒවා පේන්නේ නැහැනේ අයියේ. හොඳ දැක්මක්