Friday, February 12, 2010

ආරම්භය...

වෙලාව රෑ 12.05 යි. ඩුබායි ඉන්න අපිට අද හවස් වරුව (බ්‍රහස්පතින්දා) හරි සැහැල්ලු සන්ද්‍යාවක්. ඒ මොකද හෙට (සිකුරාදා) අපට නිවාඩු දවසක් නිසා. සමහර ලාංකිකයන් අද රෑ ගත කරන්නේ විනොද සාද පවත්වමින්, එහෙමත් නැත්නම් සමාජ ශාලා වල විශාල මුදලක් වියදම් කරමින්. සමහර අයට මේක සාමාන්‍ය දෙයක් වෙලා. ඔවුන් සෑම සති අන්තයකම මේ වාගෙ ගත කරනව.
ඒත් අපේ සමහර සහෝදරියන්ගෙ ඉරණම මීට වඩා බොහොම වෙනස්. ඔවුන් මේ වෙලාවෙ සමහර විට කුණු අරාබියන්ගෙ ඉඳුල් හෝදනව. ආසාවකට නෙමෙයි ජීවිතය ජයගන්න මුදල් කීයක් හරි හොයාගන්න.
ඔවුන් මුලු මාසය පුරාවටම දුක් විඳලා හම්බකරන මුදලට සමාන වුන එහෙමත් නැත්නම් ඊට වඩා වැඩි මුදලක් අර සමාජ ශාලා වල විනෝද වන උදවිය නැති කරනව විනාඩි කීපයකින්. මේක ඩුබායි වලට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම පොදු වෙච්ච දෙයක්.
ඉතින් මේ දේවල් ගැන මධ්‍යස්තව ඉඳන් බලන්න ගත්තු පුංචි උත්සාහායයි මේ....

1 කගේ අදහස්:

RanDil said...

සිංහල බ්ලොග් කරුවන්ගේ ලෝකයට සාදරයෙන් පිළි ගන්නවා. වෙනත්ම ආකාරයක දැක්මක් සමඟ පැමිණි ඔබට ඔබගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!!! යි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා අයියේ. සුභ පැතුම්.