ම්ම්ම්....
සෑහෙන කාලෙකින් බ්ලොගය පැත්තේ ආව....
ගූගල් චැට් එකේ චැට් කරපු පරන චැට් ටිකක් බල බල ඉන්න ගමන් හම්බ උනා පරන චැට් එකක්... මේ චැට් එකේ අනෙක් පාර්ශවය තමා නිදහස් සිතුවිලි හිමිකාරිය. ඉතින් මට හිතුනා අපි දෙන්නා අතර සිද්ද වුන සංවාදය මේ විදියට පලකරන්න...
me:
අලුත් කථාවක් ලිව්වෙ නැද්ද...?
Randika:
ම් ම් හිතේ කථා ගොඩක් ඇතේ
ඒත් අනේ වෙලා නැතේ
ගෙදර බලං දුවක් ඇතේ
ගිය හැටියෙම එයා අතේ
ඒත් අනේ වෙලා නැතේ
ගෙදර බලං දුවක් ඇතේ
ගිය හැටියෙම එයා අතේ
me:
ඔෆිස් එකේ ඉන්න ටිකේ
පොඩ්ඩ පොඩ්ඩ තියන හිතේ
කථා අකුරු කරල අනේ
දැම්මොත් හරි අගෙයි නගේ....
පොඩ්ඩ පොඩ්ඩ තියන හිතේ
කථා අකුරු කරල අනේ
දැම්මොත් හරි අගෙයි නගේ....
Randika:
ස්තුතියි මගේ අයියේ
ඒකට මගේ හිතේ තියේ
කලින්ඒවා මම ලිව්වේ
මෙතැන ඉඳන්මයි අයියේ
ඒකට මගේ හිතේ තියේ
කලින්ඒවා මම ලිව්වේ
මෙතැන ඉඳන්මයි අයියේ
ඒත් අනේ වැඩ වැඩි වී
කාලය ඇත බෝ අඩුවී
හිත ඇත මගේ කුරුවල්වී
වැඩ වැඩි කම හිසරදවී
කාලය ඇත බෝ අඩුවී
හිත ඇත මගේ කුරුවල්වී
වැඩ වැඩි කම හිසරදවී
me:
එක ඇත්ත තමයි නගේ
මට උනේ ඔය ටිකනේ
රාජකාරි වැඩිවෙන්නේ
ලියන්න හිත නැති වෙන්නේ
මට උනේ ඔය ටිකනේ
රාජකාරි වැඩිවෙන්නේ
ලියන්න හිත නැති වෙන්නේ
Randika:
එසේ නොසිතන් අයියේ මගේ
අයියාගේ අදහස් හරිම අගේ
නිතරම යමි වෙතට බ්ලොගේ
කෝ මොකවත් නැහැ වාගේ
අයියාගේ අදහස් හරිම අගේ
නිතරම යමි වෙතට බ්ලොගේ
කෝ මොකවත් නැහැ වාගේ
me:
එත් නගේ හිතට අරන්
වෙලා ටිකක් ඉතුරු කරන්
කථා ටිකක් අකුරු කරන්
දැම්මොත් නම් රත්තරන්
වෙලා ටිකක් ඉතුරු කරන්
කථා ටිකක් අකුරු කරන්
දැම්මොත් නම් රත්තරන්
Randika: ඒකථාව ඇත්ත තමයි
හිතේ පිරිලා කථා ගොඩයි
වෙලාව සොය ගත යුතුමයි
නැත්නම් ටික කලකින් මැකෙයි
හිතේ පිරිලා කථා ගොඩයි
වෙලාව සොය ගත යුතුමයි
නැත්නම් ටික කලකින් මැකෙයි
ඒවා දැන් වැඩක් නැතේ
කියන්නකෝ නැතුව අගේ
සැපසනීප කොහොමද අනේ
ගෙදර උන්දැගේසිටිනඅ රහේ
කියන්නකෝ නැතුව අගේ
සැපසනීප කොහොමද අනේ
ගෙදර උන්දැගේසිටිනඅ රහේ
me:
මතක් වෙනව නිතර නිතර
යන්ට හිතයි ඩුබායි අතැර
ඒත් ඉතින් එහෙම කොහොම
තනිකඩයෙක් නෙවෙයිනෙ මම
කතා කරමි මූණ බලන්
ස්කයිපි එකෙන් නිතරම මන්
ඒත් ඉතින් වැඩක් නෑනෙ
දෙන්නාටම ඉන්න බෑනෙ
කොහොම උනත් ටික දිනකින්
අරන් එන්න ඉන්නෙ හිතන්
සල්ලි ටිකක් යයි වැඩියෙන්
එත් ඉතින් මොනවකරන්
එයා ගෙදර ඉන්නවා
සැමගේ හිත ගන්නවා
තාත්තාත් දුවෙක් වගේ
හොඳින් බලා ගන්නවා
යන්ට හිතයි ඩුබායි අතැර
ඒත් ඉතින් එහෙම කොහොම
තනිකඩයෙක් නෙවෙයිනෙ මම
කතා කරමි මූණ බලන්
ස්කයිපි එකෙන් නිතරම මන්
ඒත් ඉතින් වැඩක් නෑනෙ
දෙන්නාටම ඉන්න බෑනෙ
කොහොම උනත් ටික දිනකින්
අරන් එන්න ඉන්නෙ හිතන්
සල්ලි ටිකක් යයි වැඩියෙන්
එත් ඉතින් මොනවකරන්
එයා ගෙදර ඉන්නවා
සැමගේ හිත ගන්නවා
තාත්තාත් දුවෙක් වගේ
හොඳින් බලා ගන්නවා
Randika:
අනේ වාසනාවන් අයියා ඒ ඇසුමටත්
තාත්තාගේ දුවක් වීම මට සතුටක්
එයා ඔයා ලඟට ගැනුම වඩා වැදගත්
මොකද පියයි දුවයි දෙන්නම ගත්තොත්
තාත්තාගේ දුවක් වීම මට සතුටක්
එයා ඔයා ලඟට ගැනුම වඩා වැදගත්
මොකද පියයි දුවයි දෙන්නම ගත්තොත්
(බුදු අම්මෝ වියදම නේද????????)
4 කගේ අදහස්:
පැරණි රසාංගයක්... ලස්සනයි ඇත්තටම...
අප්පේ................. ;) ලියන්නේ නැද්ද මොකුත් අයියේ කියලා අහන්න හිතුවා විතරයි............... ඇත්තමයි. සති අන්තේ හිතුවා ඔන්ලයින් වෙච්චි වෙලාවක මෙහෙම අහන්න ඕනෑ කියලා......... :)
හප්පේ හිටිවන කවි........ හි හි
රබානක් අරන් පටන් ගමු එහෙනම්... ;)
ලියන්න අප්පා මොනා හරි... මකුළුදැල් තියන්න එපා මේවයෙ...
/ ඒත් අනේ වැඩ වැඩි වී
කාලය ඇත බෝ අඩුවී
හිත ඇත මගේ කුරුවල්වී
වැඩ වැඩි කම හිසරදවී /
වැඩ වැඩියිලු මේ උන්දැට,
ඔළුවත් කුරුවල් වෙලාලු,
ඒත් බොලේ මෙන්න වැඩේ,
අපරාදේ කියන්ට බෑ.....
හිටිවන කවි ගැටගහන්ට,
ඒව චැට් එකේ කොටන්ට,
එව්වට නම් වෙලා තියේ,
අම්මප මොකටෙයි මයෙ කට?.....:) :)
Post a Comment