Wednesday, February 24, 2010

අම්මා හිටියනම්...

මතක් වුනා මට කුඩා කාලය
හරිම දඟකාරයි මම... ඒ දවස් වල
අතේ එල්ලී ඔබ පාසැල් ගියා මම
පුංචි දවස් වල
මතකයි අද වාගේ මට...
තුරුලට ගෙන මාව
කියා දුන්නා වන හැටි
හොඳ මිනිසෙක් සමාජයට
සුවඳයි ඒ මතකයන් හැමදාකම
නැවත දැනෙන්නට වරම් නැති මුත්.....
ආයෙත් යන්නට ඇත්නම් මට
මගේ පුංචි කාලයට
මුකුත් හින්දා නොව
අම්මාගේ තුරුලේ
උණුසුම විඳින්නට.....

Sunday, February 14, 2010

දිරිය මිනිසා...

කන්තෝරුව වෙත පඩිපෙල නිගිද්දී
දුටුවෙමි ඔහු නැවත වරක්
එනවා මා පිටුපසින් උස්සාගෙන වයර් රොලක්
නොවුනත් ලාංකිකයෙක් සිහි විනි මට මගේ සීයාව
එදා ඔහුව දුටුවෙ මා උස්සාගෙන යනව
ගැලුම් 5 වතුර බෝතල් දෙකක්
හැකිනම් දෙන්නට උදව්වක්...
ඒත් නොහැකිය ඒ ඔහුගෙ රාජකාරිය.
හිතුනි මට මොකට මේ ජීවිතය
මේ වයසේවත් නිදහසක් නැති !
(මම දන්නවද ඒ මනුස්සයාට තියන ප්‍රශ්ණ???)
කෙසේමුත් දිරිය මිනිසෙකි ඔබ මා දුටු.

Friday, February 12, 2010

ආරම්භය...

වෙලාව රෑ 12.05 යි. ඩුබායි ඉන්න අපිට අද හවස් වරුව (බ්‍රහස්පතින්දා) හරි සැහැල්ලු සන්ද්‍යාවක්. ඒ මොකද හෙට (සිකුරාදා) අපට නිවාඩු දවසක් නිසා. සමහර ලාංකිකයන් අද රෑ ගත කරන්නේ විනොද සාද පවත්වමින්, එහෙමත් නැත්නම් සමාජ ශාලා වල විශාල මුදලක් වියදම් කරමින්. සමහර අයට මේක සාමාන්‍ය දෙයක් වෙලා. ඔවුන් සෑම සති අන්තයකම මේ වාගෙ ගත කරනව.
ඒත් අපේ සමහර සහෝදරියන්ගෙ ඉරණම මීට වඩා බොහොම වෙනස්. ඔවුන් මේ වෙලාවෙ සමහර විට කුණු අරාබියන්ගෙ ඉඳුල් හෝදනව. ආසාවකට නෙමෙයි ජීවිතය ජයගන්න මුදල් කීයක් හරි හොයාගන්න.
ඔවුන් මුලු මාසය පුරාවටම දුක් විඳලා හම්බකරන මුදලට සමාන වුන එහෙමත් නැත්නම් ඊට වඩා වැඩි මුදලක් අර සමාජ ශාලා වල විනෝද වන උදවිය නැති කරනව විනාඩි කීපයකින්. මේක ඩුබායි වලට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම පොදු වෙච්ච දෙයක්.
ඉතින් මේ දේවල් ගැන මධ්‍යස්තව ඉඳන් බලන්න ගත්තු පුංචි උත්සාහායයි මේ....